Category Archives: ජීවිතය

ඩුබායි ආගමනය

By | 2014 ඔක්තෝබර් 27

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි කාලේ ගෙවීගෙන ගියා. ලියන්නම් කියලා හිතුවට ලියන්න වෙලාවක් සෙට් කරන්න එක තමා අමාරු උනේ. කාර්යබහුලත්වය නිසා. එත් ඔෆිස් එකේ මේ දවස් වල වැඩ අඩු නිසා ඔන්න කොහොම හරි ලියන්න පටන් ගත්තා. සුපුරුදු විදියට හැමෝම කරනවා වගේ ගෙදරට වෙලා ඉන්නවට වඩා ජොබක් කරන්න ඕනේ කියන එක බොක්කටම වැදිලා තිබුනේ. (මේ ඔබ රැදී සිටින්නේ 2013… Read More »

නැවතත් කරලියට

By | 2013 නොවැම්බර් 7

අවුරුදු 3ට පස්සේ හිතුනා ආයෙමත් බ්ලොග් ලියන්න පටන්ගන්න. ඔන්න එහෙනම් අද ඉදන් හිටු කියල (හිටු කිව්වට මාසෙකට එක පොස්ට් එකක් වගේ :p) ලියන්න බලාපොරොත්තු වෙනවා… (අත්පොලොසන් නාදයක් දීලා පොඩි සපෝර්ට් එකක් දෙන්න.) හොදයි, අවුරුදු 3ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. සෑහෙන්න දේවල් වෙනස් උනා.ජිවිතේ  සරුංගලයක් වගේ පාවුණා, කරණම් ගැහුවා; ආයි උඩ ආවා ඔය වගේ දේවල් සෑහෙන්න උනා. ඕවා අතරේ… Read More »

ඔන්න මාත් .කොම් එකෙක් උනා….[http://blog.malshan.com]

By | 2010 මැයි 20

මටත් ආසවක් ආවා මගේම කියලා ඩොමේන් නාමයකට මගේ බ්ලොග් එක අරගෙන එන්න ඔනේ කියලා..ඉතින් ඔන්න පෙරුම් පුරලා පුරලා සල්ලි එහෙම එකතු කර ගෙන ඉන්නකොට .කොම් 1 ගන්න මං දැක්කා අපේ ජංජාල චාමරයගේ බ්ලොගේ .කොම් අඩුවට දෙනවා කියලා සටහනක් දාලා තිබ්බා.මං ඉතින් සු‍ටුස් ගාලා ගොහින් පැනපු ගමන්ම NET FIRMS ආයතනයෙන් ඩොමේනය ගත්තා…මේකට මට ගියේ $3.99යි.ලංකාවේ සල්ලි වලින් බැලුවොත්  රු.400… Read More »

බලාපොරොත්තු….

By | 2010 මැයි 20

විටක පොදි ගැහෙන… තවත් විටක එසැණින් බිඳ වැටෙන… නැවත දළු ලා වැඩෙන…. සිතින් සිතට වෙනස් වන….. අපව ජීවත් කරවන…. අපිට අවැසි…. තවත් එක් සිහිනයක්….!!! freenulled BoomBox download

මේ දවස් වල ජීවිතේ….

By | 2010 අප්‍රේල් 26

  සැහෙන්න දවසකට පස්සේ කාර්ය බහුලත්වයෙන් අඩු නිසා බ්ලොගට ලිපියක් දාන්න වරම් ලැබුණා…(මගේ බ්ලොග් 1ට මගේ අතින් බ්ලොග් 1 දාන්න මටම පෙරුම් පුරන්න වෙලා…) කොහොමින් කොහොම හරි මේ දවස් වල වැඩ කටයුතු ගැන කියනවා නම් මල්$hanට ආයි පාරක් උ.පෙ කරන්න යනවනේ කොල්ලට ලෝකේ දකින්න විශ්ව විද්‍යාලේ යන්න ආසාවක් ඇතිවෙලා.බැහැගෙන වැඩ ඒකට.;)පාඩම් කරනවා කිව්වට වැඩි හරියක් මුණුපොතේ තමා කල්… Read More »

ආදර උපාධි වැඩපිලිවෙල කඩිනම් කරනු….!

By | 2010 මාර්තු 25

හුඟ දවසකින් බ්ලොගට ලිපියක් දාන්න ආවේ….අද මාතෘකාව ගැන මට කතා නොකරම ඉන්න බැරි තරමට පත් වෙලා තියෙන්නේ…..ඒ කියන්නේ මෙතන මගේ අත්දැකිම් එහෙම නෙවේ හොඳේ තියෙන්නේ…. 😉 මේ මම අහපු…….මට කියපු…..මට දැනුනු කතා ටිකක එකතුවක්……ආදරය…හැමෝටම දැනෙන දෙයක් නේ….ඒ වගේම හැමෝම බොක්කෙන්ම කරන දෙයක්නේ….(ඒ උනාට ආතල් එකට කරන එවුනුත් අපි අතර නැතුවාම නොවේ.. ;)) මේ මාතෘකාව එසේ මෙසේ මාතෘකාවක් නෙවේ…..මට… Read More »

ලංකාවේ රියදුරු බලපත්‍ර ලබාගැනිමේ කලාව. I – කොටස

By | 2010 පෙබරවාරි 14

මා මේ සටහන ලියන්නේ තරමක කේන්තියෙන් බව කිව යුතුමය.ඒ මක් නිසාද යත් තරුණයෙකු ලෙස මට මුලින්ම පිළිකුල් වූ රාජ්‍ය ආයතනය ගැන කියන්නට යන නිසාවෙනි. තාත්තා මට රියදුරු උසස් පෙළ අවසන් වු වහාම රියදුරු බලපත්‍රය ලබා ගන්නා ලෙස කීවද මා ඒ ගැන උනන්දු නොවුයේ අප සතුව වාහනයක් නොතිබුණු බැවිනි.එහෙත් පසුව මාගේ මිතුරන් දෙදෙනෙකු එය ලබා ගැනීමට යන වග මා… Read More »

අමතක නොවන 1-22

By | 2010 ජනවාරි 22

අම්මෝ..වැඩ වැඩ ඉවරයක් නෑ…අද තමයි බ්ලොග් 1 මූණ පොඩ්ඩක් බලන්න මතක් වුනේ…කස්ටියනම් ගොඩක් ඇවිත් ගිහින් වගේ කොහෙද ආවට වැඩක් තියේද, බ්ලොග් 1 හිස් නේ.. 🙂 (සුදු මහත්තයට විශේෂ ස්තුතිය මගේ බ්ලොග් එකක් තියෙනවා කියලා මට මතක් කරලා දුන්නට) හරි ඒවයින් වැඩක් නෑ අද දවස මගේ ජීවිතයේ අමතක නොවන දවසක්…හැබැයි ලව් ස්ටොරියක් නිසා නෙවේ. අපි කොලුකමට කරපු පුංචි දඟ… Read More »

අළුත් අවුරුද්දේ අළුත් මුහුණුවරකින් ඔබ හමුවට …….

By | 2010 ජනවාරි 1

ඕං ඉතින් මාත් බැස්සා වැඩේට..හැමදාම අද කරනවා හෙට කරනවා කියලා හිටියොත් මේ වැඩේ වෙන්නෙ නෑ කියලා මටම තේරුණා…(වෙන මොනවත් නෙවේ සිංහලෙන් බ්ලොග් ලියන එක).මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ක‍ටු සටහනේ සුදු මහත්තයට 🙂 .එයා තමයි ඉක්මනට මෙක පටන් ගන්න කියලා මටත් බල කලේ…..ඔන්න ඉතින් ඒ බල කරපු බල කිරිල්ල කොච්චරද කියනවනම් මාත් පටන් ගත්තා…. සිංහල බ්ලොග් එකක් කියලා… Read More »