Monthly Archives: ඔක්තෝබර් 2014

ඩුබායි ආගමනය

By | 2014 ඔක්තෝබර් 27

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි කාලේ ගෙවීගෙන ගියා. ලියන්නම් කියලා හිතුවට ලියන්න වෙලාවක් සෙට් කරන්න එක තමා අමාරු උනේ. කාර්යබහුලත්වය නිසා. එත් ඔෆිස් එකේ මේ දවස් වල වැඩ අඩු නිසා ඔන්න කොහොම හරි ලියන්න පටන් ගත්තා.

සුපුරුදු විදියට හැමෝම කරනවා වගේ ගෙදරට වෙලා ඉන්නවට වඩා ජොබක් කරන්න ඕනේ කියන එක බොක්කටම වැදිලා තිබුනේ. (මේ ඔබ රැදී සිටින්නේ 2013 වර්ෂයේ බව සලකන්න :p) ඒ වෙන මොනාවත් නිසා නෙවේ තියෙන අවශ්‍යතා හා වුවමනා ඉරු කරගන්න දෙයියන්ගේ මල්ලි ඕනේ නිසා. ගෙදරින් උනත් හැමදේටම සල්ලි ඉල්ලලා පජාත නොවී ඉන්න කොහොමත් කියක් හරි හොයාගන්න වෙනවා. නිදහස් වෘතිකයෙක් (Freelancer) කෙනෙක් විදියට 2010 ඉදලා නිදහසේ වැඩ කරන ගමන් ඔන්න ඉතින් දැක්කා යානි ලයිව් ඉන් කොන්සර්ට් එකක් (Yanni Back In Dubai – 2013 ) ඩුබායි වල තියෙනවා කියලා. Yanni Live In Concert Dubai 2013 අපේ තාත්තත් එහෙ ඉන්න නිසා ඔන්න හිතා ගත්තා කොහොම හරි ඔය කොන්සර්ට් එක බලන්න යනවාමයි කියලා. ඔන්න හිතලා ඉවර වෙලා යන්න වැඩේ සෙට් කරගත්තා.අප්‍රේල් පලවෙනි සතියේ විසා එක හදන්න අදුරන යාලුවෙක්ට දුන්නා, ටිකට් එක ගන්න වැඩෙත් රටට හිතැති නිසා සිරිලන්කන් එකේ වැඩ කරන ගැල්ළමයෙක්ටම කිව්වා බලන්න කියලා. අපේ අයියා කෙනෙක්ට කිව්වා කොන්සර්ට් එකට ටිකට් එක බුක් කරන්න කියලා.

ඔක්කොම ප්ලෑන් කරපු විදියටම යන නිසා මාර්තු අන්තිම සතියේ ටිකට් බුක් කළා අප්‍රේල් 4 වෙනිදා වෙනකොට ඩුබායි වලට සැපත් වෙන්න. ඔක්කොම රෙඩී කරගෙන තමා තාත්තට කිව්වේ ඔන්න මන් ඩුබායි එනෝ කියලා. තාත්තට ෆුල් හොල්මන්. මගෙන් අහනවා කොහෙන්ද විසා කියලා. මන් කිව්වා ඔක්කොම ගානට සෙට් කරලා තියෙන්නේ මන් අප්‍රේල් 3 වෙනිදා ඔහේ එනවා කියලා.

ඔන්න ඔහොම ගිහින් 4 වෙනිදත් ආවා. සිරිලන්කන් ටිකට් එකත් බුක් කරලා තියෙන්නේ, යානිගේ කොන්සර්ට් එකටත් සිල්වර් සිට් එකක් බුක් කරලා. ඒත් තාම විසා නෑ. කරුමේ කියන්නේ විසා හදන්න දුන්න බුවා කියාපි “මල්ලි “විසා එක තාම ආවේ නෑ සමහර විට තව දවස්  තුන හතරක් යයි ලු සති අන්තය නිසා”.  නාලා වරෙන්කො. ටිකට් ඔක්කොම බුක් කරලා ඉවරයි.  දැන් ඉතින් මොනා කරන්නද  ගත්තා කෝල් එකක් සිරිලන්කන් ගැල්ළමයට. එයාට කිව්වා එන්න ටිකට එක තව දවස් තුනක්  කල් දාන්න කියලා. අයියාට කිව්වා එන එක සුවර් නෑ කියලා. බුවා මට මිහිරි කවියක් තෙපලුවා. තාත්තට කිව්වම කින්ඩි හිනාවක් දැම්මා. :3 ඔක්කොමත් හරි කියලා ඔන්න විසා එනකන් හිටියා .

SriLankan Airline- UL225ඔන්න 7 වෙනිදා උදෙන්ම කිව්වා විසා හදන්න දුන්න බුවා “මල්ලි අන්න විසා ආව ඔයාගේ මේල් එකට එව්වා ” කියලා. යානිගේ ෂෝ එකත් ඉවරයි. දැන් විසා අරන් ගිහින් යානිට එයාපෝර්ට් එකෙන් ටටා කියන්න තමා තියෙන්නේ. දැන් ඉතින් මොනා කරන්නද යන්න හිතාගත්ත එකේ ඩුබායි ගිහින් ටුවර් එකක් දාල එනවා කියලා හිතාගෙන 8 වෙනිදා ටිකට් බුක් කරලා ඩුබායි එන්න ලෑස්ති උනා.

ඔන්න ඉතින් 8 වෙනිදා හවස පලවෙනි ගුවන් ගමන සදහා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ඇවිල්ලා ෆ්ලයිට් එකට නැග්ගා (ෆ්ලයිට් බාසාවෙන් නම් බෝර්ඩින් උනාලු).  ලස්සන එයාහොස්ට් නංගිලාත් එක්ක කොල්ලා ඩුබායි ආවලු. ඒකත් ඉතින් අමුතුම අත්දැකීමක්. ලංකාවට වඩා හාත්පසින් වෙනස්. එයාපෝට් එකෙන් බැහැපු වෙලේ ඉදන් මාරම කික් එකක් තිබ්බේ. ඔන්න අපේ තාත්තයි, තාත්තාගේ යාළුවෙකුයි ඇවිත් හිටියා කොල්ලව පික් කරන්න. ( සෑහෙන හොද පිළිගැනීමක් 😉 )ඇත්තටම සෑහෙන දියුණු රටක්.  රෑ ගොඩබැස්සට නිකන් දවල් වගේ. වාහනේ යනකොට නිකන් ඉගිල්ලෙනවා වගේ 120Kmph යනකොට මල් හතයි.

ඊලග පොස්ට් එකෙන් මෙහේ ඇවිත් මොකෝ උනේ කියලා කියන්නම් ! නැවත සෙට් වෙමු 🙂

 

ප.ලි. ඔය පහලින් තියෙන්නේ මගේ අන්තර්ජාතික යාලුවන්ගේ ප්‍රතිචාර :p

Isuru_Comments