Monthly Archives: මැයි 2010

ඔන්න මාත් .කොම් එකෙක් උනා….[http://blog.malshan.com]

By | 2010 මැයි 20

මටත් ආසවක් ආවා මගේම කියලා ඩොමේන් නාමයකට මගේ බ්ලොග් එක අරගෙන එන්න ඔනේ කියලා..ඉතින් ඔන්න පෙරුම් පුරලා පුරලා සල්ලි එහෙම එකතු කර ගෙන ඉන්නකොට .කොම් 1 ගන්න මං දැක්කා අපේ ජංජාල චාමරයගේ බ්ලොගේ .කොම් අඩුවට දෙනවා කියලා සටහනක් දාලා තිබ්බා.මං ඉතින් සු‍ටුස් ගාලා ගොහින් පැනපු ගමන්ම NET FIRMS ආයතනයෙන් ඩොමේනය ගත්තා…මේකට මට ගියේ $3.99යි.ලංකාවේ සල්ලි වලින් බැලුවොත්  රු.400 විතර ගියේ.ඉතින් මට නම් පුදුම සතුටක් තමා දැන්නේ…අද ඉදන් මගේ බ්ලොග් 1 ට පිවිසෙන්න පුළුවන් ලිපිනය තමා http://blog.malshan.com

මොනා වුනත් මට මේ තැනට එන්න උදව් කරපු අය මතක් කරලා ඉන්න එපැයි…
ඉස්සරහටත් ඔයාලා අද හිටියා වගේ මාත් එක්ක ඉඳි  කියලා මම බලාපොරොත්තු වෙනවා .. 🙂

බලාපොරොත්තු….

By | 2010 මැයි 20
විටක පොදි ගැහෙන…
තවත් විටක එසැණින් බිඳ වැටෙන…
නැවත දළු ලා වැඩෙන….
සිතින් සිතට වෙනස් වන…..
අපව ජීවත් කරවන….
අපිට අවැසි….
තවත් එක් සිහිනයක්….!!!