ලංකාවේ රියදුරු බලපත්‍ර ලබාගැනිමේ කලාව. I – කොටස


මා මේ සටහන ලියන්නේ තරමක කේන්තියෙන් බව කිව යුතුමය.ඒ මක් නිසාද යත් තරුණයෙකු ලෙස මට මුලින්ම පිළිකුල් වූ රාජ්‍ය ආයතනය ගැන කියන්නට යන නිසාවෙනි.
තාත්තා මට රියදුරු උසස් පෙළ අවසන් වු වහාම රියදුරු බලපත්‍රය ලබා ගන්නා ලෙස කීවද මා ඒ ගැන උනන්දු නොවුයේ අප සතුව වාහනයක් නොතිබුණු බැවිනි.එහෙත් පසුව මාගේ මිතුරන් දෙදෙනෙකු එය ලබා ගැනීමට යන වග මා සමඟ පැවසු පසු මාත් ඔවුන් සමඟ යාමට කැමති විය.ඉන් පසු මා ඔවුන් සමඟ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පිටත් වන්නේ 2009/10/11වන දිනයි. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට හා ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගැනීමටයි.උදෑසන 8 සිට පෝළිමේ සිටි අපි තිදෙනා ලියාපදිංචිය සඳහා එම අදාල අංශය වෙත යොමු වන විට වේලාව උදෑසන 11 පමණ ආසන්න විය.ඉන්පසු අප හට ටෝකනයක් ලබා ගැනීමට සිදු විය.අපි ඉන්පසු ලියාපදිංචි වන විට වේලාව පස්වරු 2 පමණ විය.උදෑසන 8 පෝළිමේ සිටි අපි ලියාපදිංචි වන විට පස්වරු 1.30යි.හිතන්න මොන තරම් කාලය කා දැමිමක්ද කියා.පැය 5.30ක් අපේ කාලය කා දැමීමක්.
මෙයට හේතුව වන්නේ පෝළිමේ සිටි අපි 50 දෙනාගේ කාණ්ඩ වශයෙන් ගේට්‍ටුව තුළින් ලියාපදිංචි අංශයට යොමු කිරීමත්,ටෝකන් ලබා දීමෙන් පසු 10 දෙනා බැගින් ලියාපදිංචිය සඳහා යොමු කිරීමත්ය.සාමාන්‍යයෙන් 10දෙනෙකු ලියාපදිංචි කිරිමේ කටයුතු සඳහා ඔවුන්ට විනඩි 15-20ත් අතර කාලයක් ගතවේ.හිතන්න පැය භාගයෙන් භාගයට 50දෙනා 50 දෙනා බැගින් ගෙන 10 දෙනා බැගින් ලියාපදිංචියේදි සිදුවන කාල පමාව.

50 දෙනෙකු ලියාපදිංචිය සඳහා ගතවන වේලාව අවම වශයෙන්.
5 x 15 = මිනිත්තු75/පැය 1 ක් හා විනාඩි 15

ඔන්න කොහොම හරි ඇතුළට ගියා කියමුකෝ ඒක ඇතුළත් එකම අවුල් ජාලයක්.පිරවීම සඳහා අවශ්‍ය ලියකියවිලි ගන්න එක තැනක්,අපේ ලියකියවිලි ඔවුන්ගේ පද්ධතියට ඇතුල් කරන්න තව තැනක්, මුදල් අයකැමි තව තැනක..අම්මෝ මතක් වෙද්දිත් එපා වෙනවා.ඔන්න ඉතින එදා දවසේ වැඩ ටික ඉවර වෙලා එතනින් එළියට එනකොට 2.45 විතර ඇති.ඔය රියදුරු බලපත්‍රය ගන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් උදේට හොඳට කාලා යන්න.;)මොකද දවල් කෑම එපා වෙන හින්දා. ඉතින් අපි ගෙදර එනකොට වෙලාව හවස 4 ටත් කිට්‍ටුයි.ඉතින් ඔන්න ඔහොමයි 1වන දවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ ගෙවුනේ.

මෙහි දෙවන කොටස ඉදිරියේදි.ඒ ලිඛිත පරීක්ෂණ දිනය පිළිබඳවයි.

ලිපිය ලිව්වේ :

ප්‍රතිචාර 9 කි

  1. $han පවසන්නේ:

    DK-Max : අෆ්ෆා අමතක උනා නොවැ මේ සිංදුව……

  2. රවා පවසන්නේ:

    මල්ලි කතා කරලා වැඩක් නැහැ. මෙ බහුභුතයො ගැන. මුන්ට කලින්ම තමුන්ගෙ රටෙ මිනිස්සුන්ට ආදරෙ කරන්න උගන්නන ඔනා. මුන්ට කලින්ම තමුන්ගෙ දරුවාට වගෙම රටෙ දරුවන්ටත් සලකන්න උගන්නන් ඔනා. මුන්ට ඉටත් කලින් ඔලුවෙ ඉන්න භුතයො ටික එලවලා දාන්න ඔනා. මුන්ව හදන්න බැහැ දැන් අවුරුදු 20, 15 බොරුම කරපු උන්නෙ.

  3. ගයන්ත පවසන්නේ:

    Lerners එකකින් දැම්ම නම් කරදර අඩුයි.. ;)

  4. kasun පවසන්නේ:

    Your article is on this week's Irida Lakbima. congrats.

  5. $han පවසන්නේ:

    @ රවා : ඒක නම් ඇත්ත රවා අයියේ.ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ. :) ගයන්ත : මාත් මගේ යහළුවෝ දෙදෙනාත් Lerners 1 හරහා තමා අයදුම් කලේ.වැඩි වෙනසක් නෑ පෞද්ගලිකව අයඳුම් කිරිමත් Lerners හරහා අයදුම් කිරීමත් අතර.දෙකම 1 කියලයි මට හිතෙන්නේ

  6. $han පවසන්නේ:

    සුභදායක කරුණක් මේ සතියේ ලක්බිම පත්තරේ මේ ගැන සටහනක ගොහින් තියෙනවා.නොවැ…..සතුටේ බැරුවා…..http://img641.imageshack.us/img641/9637/193q.jpg

  7. යෝගී... පවසන්නේ:

    "තරුණයෙකු ලෙස මට මුලින්ම පිළිකුල් වූ රාජ්‍ය ආයතනය ගැන කියන්නට යන නිසාවෙනි"
    බය වෙන්න එපා සහෝ.. ඔය පටං ගත්ත විතරයි.ඉස්සරහට තව ගොඩක් ඒව හම්බෙන්න තියෙනවා.
    තව ලියපං. මෙහෙමවත් මේවට කෑගහන්නේ නැත්තං මේ ගරු නිළධාරී තුමන්ලා හැමදාම හිතන්නේ ඉන්නේ අපි උංගෙන් හිඟාකන්න යනවා කියලා.
    -ජය

  8. hasithahands පවසන්නේ:

    සහතික අැත්ත…

  9. මල්$han පවසන්නේ:

    @යෝගී :එළ යෝගී අයියා… බලමුකෝ ඉස්සරහටත් මට එපා වුණ @hasithahands :රාජ්‍ය ආයතන තියෙයිද කියලා…
    ස්තුතියි සහෝ..

කියෙව්වා වගේ හිතට ආපු දේ ලියලා යන්න