ඔන්න මාත් .කොම් එකෙක් උනා….[http://blog.malshan.com]
මටත් ආසවක් ආවා මගේම කියලා ඩොමේන් නාමයකට මගේ බ්ලොග් එක අරගෙන එන්න ඔනේ කියලා..ඉතින් ඔන්න පෙරුම් පුරලා පුරලා සල්ලි එහෙම එකතු කර ගෙන ඉන්නකොට .කොම් 1 ගන්න මං දැක්කා අපේ ජංජාල චාමරයගේ බ්ලොගේ .කොම් අඩුවට දෙනවා කියලා සටහනක් දාලා තිබ්බා.මං ඉතින් සුටුස් ගාලා ගොහින් පැනපු ගමන්ම NET FIRMS ආයතනයෙන් ඩොමේනය ගත්තා…මේකට මට ගියේ $3.99යි.ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රු.400 විතර ගියේ.ඉතින් මට නම් පුදුම සතුටක් තමා දැන්නේ…අද ඉදන් මගේ බ්ලොග් 1 ට පිවිසෙන්න පුළුවන් ලිපිනය තමා http://blog.malshan.com
මොනා වුනත් මට මේ තැනට එන්න උදව් කරපු අය මතක් කරලා ඉන්න එපැයි…
- මුලින්ම මාව බ්ලොග්කරණයට යොමු කරපු සුදු මහත්තයා හෙවත් අපේ ඉසුරු සහෝදරයට
- ඊට පස්සේ එදා මෙදාතුර මට හම්බවුණ කල්යාණ මිත්ර ජංජාල චාමරයා හෙවත් අපේ චාමරයා
- අන්තර්ජාල ගණුදෙනු වලට අදාල කාඩ්පත පිළිබඳ දැනුවත් කරපු සජිත් සහෝදරයට
- අවසාන වශයෙන් මාත් එක්ක බ්ලොග පටන් ගත්ත දවසේ ඉඳලා රැඳිලා ඉන්න බ්ලොග් 1 කියවලා ප්‍රතිචාර සටහන් කරන, කියවලා ප්‍රතිචාර සටහන් නොකරන හැමෝටම දහස් වාරයක් ස්තුතියි….
ඉස්සරහටත් ඔයාලා අද හිටියා වගේ මාත් එක්ක ඉඳි කියලා මම බලාපොරොත්තු වෙනවා ..

මගෙන් උණුසුම් සුභ පැතුම් මචන්. බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න උඹට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා….!
@ සුදු මහත්තයා: තැන්කු ප්‍රතිචාරයට ඉසුරුවෝ..
උඹලා මාත් එක්ක හැමදාම ඉන්නවනේ..
දැන් නම් ඔයාගේ බ්ලොගය බ්ලොග් ස්පොට් ද කියලා හොයා ගන්නවත් බැ එත් බ්ලොගර් ලංජනය තියෙන favicon.ico එක ඇඩ්සස් බාර් තියෙන එයත් ඉවත් කලානම් මරැ උදවක් ඕනම් මට කියන්න මගෙනුත් සුභ පැතුම්
ස්තුතියි යාළුවා ප්‍රතිචාරයට…මං fav.ico එක Design කරන්න මගෙ යාලුවෙකුට දුන්නා…ඒක හම්බවුණ ගමන්ම වෙනස් කරනවා….තැන්කූ මේ පැත්තේ ආවට.:)
එල එල කොල්ලා…අපිවත් මතකයි ආ!!
හොඳා හොඳා….දිගටම ලියමු මචෝ,හැබැයි විභාගේ හරියට ඉවර කරලා හිටපං මුලින්.
බ්ලොග්කරණයට 'බොක්කෙන්' සුභ පැතුම්!!
@ජංජාල චාමර : උඹලව අමතක වෙනවද බං එහෙම???
(
මේ දවස් වල හරි හමන් බ්ලොග් පොස්ට් 1 දාන්නත් බැරි උනා බං..මේ විභාගේ නිසා..
ඉත්තූයි සුභ පැතුවට..
උණුසුම් සුභ පැතුම් ඔයාගේ අලුත් domain එකට !!!
@ හිඟන්නා: තැන්කූ තැන්කූ මලේ..