ආදර උපාධි වැඩපිලිවෙල කඩිනම් කරනු….!
හුඟ දවසකින් බ්ලොගට ලිපියක් දාන්න ආවේ….අද මාතෘකාව ගැන මට කතා නොකරම ඉන්න බැරි තරමට පත් වෙලා තියෙන්නේ…..ඒ කියන්නේ මෙතන මගේ අත්දැකිම් එහෙම නෙවේ හොඳේ තියෙන්නේ….
මේ මම අහපු…….මට කියපු…..මට දැනුනු කතා ටිකක එකතුවක්……ආදරය…හැමෝටම දැනෙන දෙයක් නේ….ඒ වගේම හැමෝම බොක්කෙන්ම කරන දෙයක්නේ….(ඒ උනාට ආතල් එකට කරන එවුනුත් අපි අතර නැතුවාම නොවේ..
)
මේ මාතෘකාව එසේ මෙසේ මාතෘකාවක් නෙවේ…..මට හිතෙනවා මේ ආදරය කියන දෙයට උපාධියක් එහෙම හඳුන්වලා දුන්නොත් හොඳයි කියලා…
සැහෙන්න හොඳ ඉල්ලුමක් තියේවි…
ඒවයින් වැඩක් නෑ කතාව මෙහෙමයි….මගේ හොඳම යාළුවෙක් බොහොම අමාරුවෙන් කට්ට කාලා කාලා කෙල්ලෙක් දාගත්තා…..ඔන්න දාගත්තයි කියමුකෝ….දාලායන්න නොදී තියාගන්නත් එපැයි….මිනිහා අමාරුවෙන් එකත් කරගෙන කාලයක් හිටියා…රාත්‍රී මල් කැඩීමේ සේවය එහෙමත් උපරිමේටම කලා….හැබයි මේ කෙල්ල එක පාරටම කියපි අපි අද ඉදන් යාළුවෝ වගේ ඉමු කියලා…..අර මගේ යාළුවට ෆුල් අප්සට්…මොනා කරන්නද බලෙන් ආදරේ කරන්න කියන්නයැ…..අනේ ඉතින් මිනිහත් එහෙම්ම හා කියලා හිටියා…..පස්සේ තමා දැන ගත්තේ ඒකට හේතුව මොකක්ද කියලා ඒක අහනකොට මට ඇත්තටම හිනාව නවත්තගන්න බැරි උනා…..කෙල්ල එයාගේ යාළුවට කියලා එයා (අර මගේ යාළුවා) සැහෙන්න සීරියස් හිතනවා වැඩි කියලා…..මොනා කරන්නද ඒ උගේ හැටි නේ…ඔන්න ඉතින් මං කිව්වා ඌට ජීවිතේ ගැන සීරියස් හිතන්නේ නැති එක්කේනක් එක්ක උඹ ජීවිතේ ඉස්සරහ ගැන හිතන්නේ කොහොමද කියලා…මිනිහත් ඔළුව එහෙම වනලා ඒක අනුමත කරලා….බොහොම අමාරුවෙන් ඒ ගැණු ලමයා ගැන හිතන එක නවත්තලා දැම්මා……කාලයත් ඔය එක්කම ගෙවිලා ගියා…..
මිනිහට අන්තර්ජංජාලේ හරහා කෙල්ලෙක් ගැන පුංචි මෙව්වා එකක් ඇති වෙලා…මට කිව්වා..මං කිව්වා ගිහින් හම්බවෙලා කතාබහ එහෙම කරලා පොඩ්ඩක් එයා ගැන දැන ගනින් කියලා….ඔන්න ඉතින් මුත් හා හා පුරා කියලා ගිහින් හම්බවෙලා කතාබහ කරලා වරුවක් විතර එයත් එක්ක ගත කරලා ඇවිත් මට කිව්වා……එයාගේ හිතේ පොඩි අදහසක් එහෙම දළු ලාගෙන ඇවිත්…..කොහොමන් කොහොම හරි මිනිහා 1 පාරනේ හම්බවෙලා තිබ්බේ..මිනිහා ඉතින් ෆුල් ආතල් ඩයල් 1 වගේ හැසිරිලා…අර කෙල්ලට මූ කිව්වම එයා ගැන පොඩි අදහසක් තියෙනවා කියලා..මෙන්න ඒ ගැණු ළමයා කියලා ඔයා පොඩ්ඩක්වත් මොනා ගැනවත් සීරියස් හිතන්නේ නෑ….ඔයා වගේ කෙනෙකුට කැමති වෙන්න එයාට බැහැ කියලා….මූ මට ඒක කිව්වම මං ඇහැව්වා උඹ මොකො කර ගත්තේ කියලා…මෙන්න මූ කියපි ..”නෑ බං කලින් කෙල්ල මං සීරීයස් හිතනවා වැඩි කිව්ව නිසා මං හිතුවා මෙයත් එහෙම වෙන්න ඇති කියලා ඒක නිසා මං මේකිට පෙන්නන හැදුවේ මං හෙන ජොලි පොරක් කියලා” ලු….මට මේක ඇහැව්වම බඩ පැලෙන්න හිනා…..මොනා කරන්නද කියලා මට තෙරෙන්නේත් නෑ….
සමහර කෙල්ලෝ සීරියස් හිතන එවුන් හොයනවා….සමහර කෙල්ලෝ ඒ අතර ජොලියට බර කොල්ලෝ හොයනවා…අනේ මන්දා පුදුම කෙල්ලෝ ජාතියක් නොවැ මුං…..අනේ අම්මපා මුන්ව තෙරුම් ගන්න මේ කපේදි මට නම් බෑ……
ඒ නිසාම වගකිව යුත්තන් මේ වගේ අසරණ කොල්ලන්ගේ අනාගතය සඳහා “ආදර උපාධි” වැඩ පිළිවෙලක් අරඹන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා…


නියමයි මොනවා වුනත් ඇත්ත කතාවක්…… ගොඩක් හොදයි…
@jani: බොහොම ස්තුතියි jani ඔයාගේ ප්‍රතිචාරයට…
අනේ මම කියන්නෙ නෑ ඉතින්
maxxa!!!
@ sammani: මොනාද කියන්නේ නැත්තේ????
කෙල්ලො විතරක නෙමෙ කොල්ලොත් එහෙම තමා
@ Anonymous :තැන්කූ…..
@ sammani :එ උනාට කොල්ලන්ගෙන් සුළුතරයක් විතරයි නේ……කෙල්ලො එහෙම නෙවේනේ…බහුතරයනේ…..
maru… maxa katawa….bt….. ubata una wedak ehema neme neda ban
ඒකට කරන්න තියෙන්නෙ යාලු වෙන්න කලින්, අර මෙව්වා එක වගේ එක ඇතිවෙන කාලෙ, ශේප් එකේ කතා බහ කරන ගමන් අහන්න ඕනෙ ඔයා කැමති කොයි වගේ කොල්ලෙක්ටද කියලා. අපේ(මගේ) එක්කෙනා නම් එහෙම ඇහුවා.
oya atthatama shan da?? shange yaluwa ganada kiyala tiyenne?
@Anonymous :මට උන දේවලුත් ටිකක් නැතුවාම නෙවේ….
@msenarath :අදහසට බොහ්ම ස්තුතියි මිත්‍රයා….
@Anonymous :යාළුවා ගැන තමා වැඩි පුර තියෙන්නේ…ස්තුතියි ප්‍රතිචාරයට….