අළුත් අවුරුද්දේ අළුත් මුහුණුවරකින් ඔබ හමුවට …….

ඕං ඉතින් මාත් බැස්සා වැඩේට..හැමදාම අද කරනවා හෙට කරනවා කියලා හිටියොත් මේ වැඩේ වෙන්නෙ නෑ කියලා මටම තේරුණා…(වෙන මොනවත් නෙවේ සිංහලෙන් බ්ලොග් ලියන එක).මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ක‍ටු සටහනේ සුදු මහත්තයට :) .එයා තමයි ඉක්මනට මෙක පටන් ගන්න කියලා මටත් බල කලේ…..ඔන්න ඉතින් ඒ බල කරපු බල කිරිල්ල කොච්චරද කියනවනම් මාත් පටන් ගත්තා….
සිංහල බ්ලොග් එකක් කියලා මං මුලින්ම කියෙව්වේ අපේ
කාලිංග අයියගේ බ්ලොග් එක තමයි.ඒ ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ගැන දැන ගන්න ගිහින්. ඔන්න ඉතින් ඔහෝම කියවගෙන කියවගෙන යනකොට ඊට පස්සේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක සෙට් උනා නොවැ, ඒ වෙන මොනාටවත් නෙවේ මගේ යාළුවෙක් වන දර්ශනයා කිව්වා නදී ගංඟා තරණය කියන සිංදුවේ ඉංග්‍රීසි වර්ෂන් 1 ගැන (Many Rivers To Cross)පොඩි ගුගල් සෙවුමක් දාන්න කියලා ඔන්න මං දැම්මා.මෙන්න බොලේ සිංහලෙන් තියන විසඳුමක් ආවා මාත් ගියා සු‍ටුස් ගාලා ඒ පැත්තට.මෙන්න ඒ සිංදුවයි,වයිරස් ගැනයි සැහෙන්න දෙවල් දැන ගන්න ලැබුණා.මං එදා ශාකුන්තල අයියගේ මුළු බ්ලොග් එකම කියවලා ඉවර කරා.
ඊට පස්සෙ ඔන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය මාට්‍ටු උනා.මං පුදුම උනා එතන තිබුණු බ්ලොග් ටික දැකලා.මාත් හිතුවා පටන් ගන්න ඕනේ කියලා..කොහොද ඉතින් මේ මල්$hanට කම්මැලිකම ලොකුයිනේ ඔක්කොටම වඩා..මෙච්චර කල් හැමොගෙම බ්ලොග් කියව කියව හිටියා මිසක්.. අද ඉතින් ඔක්කොම පැත්තකට දාල වැඩේ පටන් ගත්තා..ජනවාරි පළවෙනිදා වැදගත් මොකක් හරි වැඩක් කරන්නත් එපැයි.. :) මට මං ගැනම සතු‍ටුයි….. :p ඔන්න ඊට පස්සේ අපේ මල්$hanනුත් බ්ලොග් ලියන්න පටන් ගත්තාලු….

හැමෝටම සියළු පැතුම් ඉ‍ටුවන, බාල්දි නොපෙරෙලෙන සුභ ම සුභ අළුත් අවුරුද්දක් වේවා….!!!

ලිපිය ලිව්වේ :

ප්‍රතිචාර 10 කි

  1. Nadun Liyanage පවසන්නේ:

    ඉතින් මලෝ එලකිරි . . .

  2. මල්$han පවසන්නේ:

    @ Nadun Liyange :
    බොහෝම ස්තුතියි නදුන් අයියේ ප්‍රතිචාරයට

  3. සුදු මහත්තයා පවසන්නේ:

    නියමයි මචං. මම මොනව කිව්වත් ඔයාගේ උනන්දුව තියෙන නිසානෙ වැඩේ පටන් ගත්තේ. නියමයි නියමයි. මට ගොඩක් සතුටුයි. දැන් ඉතින් තියෙන්නෙ කම්මැලි නොවී ලියන එක. ඉතින් අපිට ගොඩක් ආසාවෙන් කියවන්න පුලුවන් දේවල් ලැබෙයි කියල අපි විශ්වාස කරනවා.

    අළුත් අවුරුද්දෙ අළුත් බ්ලොග් එකට මගෙන් උණුසුම් සුභ පැතුම්

  4. බිඟූ...! පවසන්නේ:

    වෙච්ච දේ පැහැදිලියි.

    දැන් තියෙන්නේ හිටු කියලා ලියන එකයි.

    ඊට අමතරව සුභ අලුත් අවුරුද්දක් මල්ෂාන් මල්ලී…..

    /බිඟුවා

  5. මල්$han පවසන්නේ:

    @ සුදු මහත්තයා : බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.ඉස්සරහටත් මාත් එක්ක ඉදි කියල බලා පොරොත්තු වෙනවා.
    @ නිශන්ත : එලකිරි අයියේ හි‍ටු කියා ලියන්නම්.

  6. බුද්ධි පවසන්නේ:

    ඔන්න මගෙනුත් සුබ පැතුමි !

  7. රන්දික පවසන්නේ:

    බෝහෝම හොදයි…දිගටම ලියන්න…

  8. දිලීප පවසන්නේ:

    මගෙන් සුභ පැතුම් දිගටම ලියන්න හොදේ…වැඩි වැඩියෙන් බ්ලොග් පොස්ට් ලැබේවා!!! ;)

  9. ශාකුන්තල පවසන්නේ:

    ආයුබෝ වේවා…. $hanටයි බ්ලොගටයි. :) මට බ්ලොග් කියවන්න වෙලාවක් නොතිබුණ නිසා දැන් තමයි මේක දැක්කේ… අහන්නත් සතුටුයි මගේ බ්ලොග් එක කියවලා කෙනෙක් යමක් ඉගෙනගත්තා කියනකොට. :-)

  10. මල්$han පවසන්නේ:

    @ බුද්ධි රන්දික දිලීප : කස්ටියටම තැන්කූ වේවා… :)

    @ශාකුන්තල : එළකිරි ශාකුන්තල අයියා.. :)

කියෙව්වා වගේ හිතට ආපු දේ ලියලා යන්න